වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත උදාවෙයි

0 0

සුර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම සැමරෙන සිංහල හා දෙමළ අළුත් අවුරුදු උදාව යෙදී තිබුණේ අද අලුයම 02 යි 33 ටයි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව ආහාර පිසීමේ නැකත අද පෙරවරු 06 යි 17 ට යෙදී තිබුණා.

වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත යෙදී ඇත්තේ අද පෙරවරු 07.41 ටයි. ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය සිදුකළ යුතු බවයි නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ.

පුණ්‍ය කාලය ඊයේ රාත්‍රී 08 යි 09 ට උදාවූ අතර එය අවසන් වන්නේ අද පෙරවරු 08.57 ටයි.

 

අලුත් අවුරුදු උදාවෙයි – ආහාර පිසීමේ නැකත උදෑසන 6.‍17ට

You might also like
Comments
Loading...