කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 95620 දක්වා ඉහළට

0 2

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 95,620 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ(13) දිනයේදී තවත් ආසාදිතයන් 226 දෙනෙකු තහවුරුවීමත් සමගින්.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව සිටින කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3092ක් වනවා.

කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූවන්ගේ සමස්ත සංඛ්‍යාව 91,926ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙරට මියගිය සංඛ්‍යාව 602ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 215 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

එසේම කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයන් 925,242 දෙනෙක් එන්නත් ලබාගෙන තිබෙනවා.

 

වැඩ ඇල්ලීම, ආහාර අනුභවය සහ ගනුදෙනු කිරීමේ නැකත උදාවෙයි

You might also like
Comments
Loading...