සෞඛ්‍ය නීති කඩමින් සේවා සැපයූ ස්පා දෙකක් වටලයි

0 2

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටුගස්තොට වට්ටාරන්තැන්න හා සී.ඩී.එල්. ප්‍රනාන්දු මාවතේ පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන දෙකක් වටලා කාන්තාවන් අටදෙනෙකු සමග කළමනාකාරවරු බව කියන පුද්ගලයන් දෙදෙනකුද සහ ඒවායේ සේවාවන් ලබාගැනීමට පැමිණ සිටි පුද්ගලයන් දෙදෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය එම සම්බාහන මධ්‍යස්ථානවල හිමිකරුවන් හා කළමනාකරුවන්ට මීට පෙර අවස්ථා ගණනාවකදීම දැනුම් දී ඇත්තේ නිරෝධායන නීතිවලට අනුකූලව පත්වාගෙන යන ලෙසයි. 

එම උපදෙස් නොතකමින් මෙම සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට ලද තොරතුරු මත පොලිසිය එම ස්ථානය වටලා තිබෙනවා.

READ ALSO THIS : අධිවේගයේ වැඩ දැමූ තරුණයන් අත්අඩංගුවට

අත්අඩංගුවට ගත් කාන්තාවන් කුරුණෑගල, කුලියාපිටිය, කටුගස්තොට, යටිවාවල, පන්විල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. 

අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කොට නඩු පවරා ඔවුන් පදිංචි ප්‍රදේශවල පොලිස් ස්ථාන මගින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.එස්. උවින්දසිරිගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවා.

You might also like
Comments
Loading...