දේශිය ගංජා කිලෝ 10 ක් සමග සැකකරුවෙක් නීතියේ රැහැනට

0 1,230

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී දේශීය ගංජා කිලෝ ග්‍රෑම් 10ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විල ප්‍රදේශයේදී මෙම ඒකාබද්ධ මෙහෙයුම ඊයේ(02) සිදු කරන ලද බවයි නාවික හමුදාව පවසන්නේ.

අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර සමග ඒකාබද්ධව තණමල්විල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී සැකකටයුතු පුද්ගලයකු නිරීක්ෂණය කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

අදාළ සැකකාර පුද්ගලයා සම්බන්ධයෙන් සිදු කෙරුණු වැඩිදුර විමර්ශනයේදී ඔහුගෙන් ලද තොරතුරකට අනුව කටුපඳුරු සහිත කැලෑවක් තුළ සඟවා තිබූ දේශීය ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයාගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

ඒ අනුව අදාළ ගංජා සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වූ ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

 

You might also like
Comments
Loading...