බදින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

0 0

විල්ගමුව පොලිස් බලප්‍රදේශයට අයත් 56 ඇල, අබතෝවැව ප්‍රදේශයේ දී බදින තුවක්කුවක් පත්තුවීමෙන් පසුගිය දා (13) රාත්‍රියේ පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී ඇතැයි විල්ගමුව පොලිසිය පවසනවා.

පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ 56 ඇල ප්‍රදේශයේ දී බදින ලද තුවක්කුව ගැටීමෙන් දකුණු කකුලේ කලවා ප්‍රදේශයේ ඇති වු තුවල හේතුවෙන් මෙම පුද්ගලයා ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ විල්ගමුව, අබතෝවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි අයෙක් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

මෘතදේහය දඹුල්ල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (15) දින සිදු කිරීමට නියමිතව තිබුණා.

විල්ගමුව පොලිස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තවත් පුවත් 

බදින තුවක්කුවක් පත්තු වී පුද්ගලයෙකු මරුට

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ වැසි

You might also like
Comments
Loading...