පැය 24 තුළ රිය අනතුරු මරණ 14ක්- 10ක් අලුත් අවුරුදු දා

0 0

ගත වූ පැය 24ක කාලය තුළ සිදු වූ රිය අනතුරුවලින් මරණ 14ක් වාර්තා වී තිබෙනවා.

ඉන් මරණ 10ක් ඊයේ (14 දින ) සිදු වූ අනතුරුවලින් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

අධිවේගී මාර්ගයේ රිය අනතුරු 12ක් හා අනෙකුත් මාර්ගවල රිය අනතුරු 109ක් වන අතර තුවාල ලැබූ අය 74ක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. වැඩි ප්‍රමාණයක් අනතුරුවලට ලක්ව තිබෙන්නේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථයි.යතුරු පැදි 53ක් හා ත්‍රීරෝද රථ 30ක් පමණ වර්තා වනවා.

වාහන පැදවීමේ දී සෑලකිළිමත්වන්න,මාර්ග නීතිවලට අනුගතව කටයුතු කරන්න යැයි ද ඉල්ලීමක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, කිසි විටෙක බිමත්ව රිය නොපදවන ලෙස ද ඉල්ලා සිටියා.

තවත් පුවත් 

පැහැරගත් සුඛෝපභෝගී මෝටර් රථයක් පලෙයි ප්‍රදේශයෙන් සොයාගැනේ

 

You might also like
Comments
Loading...