අකුණු සැරට පුද්ගලයකු බිලි

0 2

වෙල්ලාවලී පොලිස් වසමට අයත් රාණමඩුව ප්‍රදේශයේ කුඹුරක වැඩ කරමින් සිටි ගොවි මහතෙකු පසුගිය ඊයේ(15) පස්වරුවේ අකුණු සැර වැදීමකින් රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

32 හැවිරිදි ගොවියෙකු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයට වැසි සහිත අකුණු ගසමින් තිබියදී මොහු ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකර එළිමහනේ වැඩකරමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා.

අදාළ ගොවි මහතා එම මොහොතේදීම රෝහල් ගත කිරීමට පියවර ගැනුණුද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබෙනවා.

වෙල්ලාවලි පොලිසිය අධිකරණයට කරුණු වාරතා කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(16) පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

තවත් පුවත් කියවන්න

රු. 5000 දීමනාව ගන්න අදත් අවස්ථාව

පොල්තෙල්වල විෂ කාරක ඇත්දැයි සොයාබැලීම අඛණ්ඩව

 

You might also like
Comments
Loading...