අද දවසේ කාලගුණික තත්ත්වය

0 1

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස 2න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද(18) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව අදාළ නිවේදනයේ සඳහන්.

මධ්‍යම හා සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි අතර ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Read Also this news : අදත් කොවිඩ් මරණ හතක් – ආසාදිතයන් සංඛ්‍යාව අනූ හය දහස ඉක්මවයි

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයන වටා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

You might also like
Comments
Loading...