වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් හමුවෙයි

0 3

වවුනියාව, මුණ්ඩිමුරුප්පුව ප්‍රදේශයේ ගෙවත්තක තිබි අත්බෝම්බයක් ඊයේ(17) සොයාගත් බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පවසනවා.

පොලිසිය පැවසූවේ ගෙවත්තක් පිරිසිදු කිරීමේදී අදාළ අත්බෝම්බය හමුව ඇති අතර, අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කොට තිබු බවයි.

වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වවුනියාව පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ  නිළධාරීන් අදාළ බිම් බෝම්බය සොයාගත් බවද පොලිසිය කියා සිටියා.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ හමුවු බෝම්බය ඉතා පැරණි තත්වයේ පවතින බවයි.

Read also this news : අණනොතකා ධාවනය කළ කැබ් රියට වෙඩි තබයි

පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් බෝම්බය නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

 

You might also like
Comments
Loading...