යෝධ දළඹුවෙක් පුත්තලමෙන් හමුවෙයි

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පුද්ගලික පොල් ඉඩමක් තුළ සිට දැවැන්ත යෝධ දළඹුවා හමුව ඇති බව වාර්තා වනවා.

එහි සේවක මහතෙකු අපට පවසා සිටියේ පොල් ගස් නිරික්ෂණය කරමින් සිටියදී මෙම දළඹුවා දක්නට ලැබී ඇති බවයි.

දිගින් අඟල් 8-10ත් අතර, ප්‍රමාණයකින් යුක්ත වුවද ශරීරය හැකීලීමේ හා දිගහැරීමේ හැකියාවක් දළඹුවා තුළ දැක ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ශරීරය පුරාව දිගට වැඩුන කෙදි ආකාරයේ විශේෂිතවූ ලොම්වලින් ගහන වූ මෙම දළඹුවාගේ මතුපිට සම පොළගෙකුගේ සිරුරට සමාන බවක් දක්නට ලැබෙන බවත්, හිස පෙදෙස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර, බඩ පෙදෙස තද කළු සහ දුඹුරු මිශ්‍ර වර්ණයෙන් යුක්තව ඇති අතර, සමාන්තරව ඝනට වැඩුන පාද දක්නට ලැබෙන බවත් අදාළ ගොවි මහතා පවසනවා.

Read also this news : අද දවසේ කාලගුණික තත්ත්වය

ජනවහරේ පැවසෙන පරිදි වැඩිහිටියන් මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හඳුන්වනු ලබන අතර, අධික විෂ සහිත වූ මෙම දළඹු විශේෂය මිනිස් සිරුරක ස්පර්ෂ වූවවොත් ක්ලාන්තය හෝ සිහිමුර්ජාවට ලක්වන බව ද කියවෙනවා.  

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *