ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කෙරේ

0 108

තියුණු ආයුධයකින් පහරදී ත්‍රීරෝද රථ රියදුරෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ මිනුවන්ගොඩ ජාඇළ මාර්ගයේ ඒකළ මොන්ටා මංසන්ධිය ආසන්නයේදීයි.

අදාළ ත්‍රිරෝද රථයෙන් කුලී ගමනක් යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙම ඝාතනය සිදු කර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතකයන්පගේ හරකෑමෙන් බරපතල තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරා ජාඇළ පොලීසියේ ජංගම මුර සංචාරයේ නිරතවූ නිලධාරීන් පිරිසක් විසින් රෝහල් ගත කිරීමට පියවර ගැනුණා.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහුව රාගම රෝහලට ඇතුළත් කෙරුණද එහිදී ත්‍රිරෝද රථ රියදුරු මිය ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඝාතනයට ලක්ව ඇත්තේ මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි අයෙක් බවත් ඝාතනය සිදුකළ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වි නොමැති බවත් වාර්තා වනවා.

You might also like
Comments
Loading...