කාසල්රි ජලපෝෂක ප්‍රදේශයට මහවැසි – නිවාස 26 වැසිජලයෙන් යටවෙයි

0 0

කාසල්රි ජල පෝෂක ප්‍රදේශයට ඊයේ (17) දින පස්වරුවේ පැයක පමණ කාලයක් ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටි වතු නිවාස 26 ක් ජලයෙන් යට වූ බව නුවරඑලිය ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පවසනවා.

එම වතු නිවාස පේලියට ආසන්නයේ පිහිට කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළ පිටාර ගැලිමෙන් එම වතු නිවාස ජලයෙන් යට වී තිබෙනවා.

දික්ඔය ඇළ පිටාර ගැලිම නිසා වතු නිවාස තුල අඩි දෙකක් පමණ උසට ජලය පිරීගොස් තිබු බවත්, වැසි ජලය බැස යාමෙන් පසු එම නිවාසවල පදිංචිකරුවන් නිවාස සුද්ද පවිත්‍ර කර එම නිවාසවලම යළිත් පදිංචි වූ බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

Read also this news : වවුනියාවේ ගෙවත්තකින් අත්බෝම්බයක් හමුවෙයි

පොඩයිස් වතු යාය හරහා කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා දික්ඔය ඇළෙහි ජලය රිසි සේ ගලා නොබැසිම නිසා දික්ඔය ඇළ පිටාර ගලන බවත්, එම ඇළෙහි ජලය රිසි සේ ගලා යාමට අවශ්‍ය කටයුතු කරන ලෙස පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටිනවා.

දික්ඔය ඇළ ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමු වි ඇති බවද නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියා.

You might also like
Comments
Loading...