ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද සවස

0 2

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද(19) සවස අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හටගෙන ඇති ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

අදාළ පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එහෙත් වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් හටගෙන ඇති ආන්දෝලන තත්ත්වය හේතුවෙන් එම රැස්වීම අද(19) පස්වරුවේ පැවැත්විමට රජය තීරණය කර ඇති බවද වාර්තා වනවා.

Read Also This News  : දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 196ක ඉලක්කයක්

එසේම අද පැවැත්වීමට නියමිත ආණ්ඩු පක්ෂ රැස්වීමේදී මැති ඇමැතිවරුන් පිරිසක් මෙම රැස්වීමේදී යම් ඉල්ලීමක් සිදු කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වනවා.

ඒ ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුවේ කටයුතු විවේචනය කරන පිරිස්වලට එරෙහිව විනය පියවර ගන්නා ලෙසයි.

You might also like
Comments
Loading...