නවදිල්ලි නගරය සතියක් වැසේ

නවදිල්ලි නගරය සති අන්තයේ වසා දැමීමට පියවර ගෙන එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය තවදුරටත් ඉහළ යාම හේතුවෙන්.

ඉන්දියාව මේවන විට වෛරසයේ නව රැල්ලකට මුහුණපාමින් සිටිනවා.

කොවිඩ් වසංගතයේ සීග්‍ර ව්‍යාප්තියත් සමග ඉන්දියාවෙන් මේ මාසය තුළ පමණක් විසි ලක්‍ෂයකට අධික ආසාදිතයින් සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව දෙවනුවට වැඩිම ආසාදිතයින් සහිත ඉන්දියාවෙන් මෙතෙක් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 15,061,919ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද සවස

ඉන් මේ වන විට ආසාදිතයන් 12,953,821 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 178,793 දෙනෙක් මරණයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවදිල්ලියෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් 853,460 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මරණ 12,121ක් වාර්තා වනවා.

ඊයේ දිනයේදී පමණක් නවදිල්ලියෙන් කොරෝනා ආසාදිතයන් 25,462ක් පමණ තහවුරු වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *