ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

0 0

ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

කොළඹ වරාය නගරයට අදාල පණත් කෙටුම්පත, පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සහ එළඹෙන මැයි දිනය සමරන ආකාරය පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක්කෙරෙනු ඇති බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හමුවක්ද අද පස්වරු 06.30 ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

Read Also This News : ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් අද සවස

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පස්වරු 02 ට ආරම්භ වනවා.

ඒ ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

You might also like
Comments
Loading...