ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර සංචාරක සීමා ඉවතට

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර වසරක පමණ කාලයකට පසු නැවත වරක් සංචාරක කර්මාන්තය ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

සංචාරක බුබුලක් ආකාරයට දෙරටේ සංචාරකයින් හට පහසුකම් සැපයෙන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.

එමෙන්ම මෙහිදී නිරෝධායනය වීමට අවශ්‍ය නොවන බවද බලධාරීන් සඳහන් කරනවා.

නව පියවරත් සමඟ නවසීලන්තයේ සිරව සිටි ඕස්ට්‍රේලියානුවන් රැසක් ද තම මව්රට බලා පැමිණ සිටින ආකාරය දක්නට ලැබෙන බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

Read Also This News : නවදිල්ලි නගරය සතියක් වැසේ

පසුගිය වසරේ මාර්තු මාසයේ දී දෙරට අතර දේශ සීමා වසා දැමීමෙන් පසු පළමු වරටයි මෙලෙස සංචාරකයින්ට ගමනාගමනයට ඉඩ සලසා ඇත්තේ.

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය කොරෝනා වෛරසය ව්‍යාප්තිය සාර්ථකව මර්දනය කළ රටවල් ලෙසයි දැක්වෙන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *