ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරිට ඇප

0 4

ලෝක විවාහක රූ රැජිණ, කැරොලයින් ජුරී සහ චූලා පද්මේන්ද්‍රන් රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (19) නියෝග කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කර තිබූ පැමිණිල්ල අද (19) විභාගයට ගත් අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා විවාවහක රූ රැජින තරගයේ කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් දිනා ගන්නා ලද අතර අදාළ කිරුළ පැළඳවීමෙන් මද වේලාවකට පසුව ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි සහ චුලා පත්මේන්ද්‍රන් විසින් ගලවා සුළු තුවාල කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

කොළඹ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරගය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අදාළව ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජුරී සහ නිරූපිකා වූලා පත්මේන්ද්‍රන් පසුගිය 8 වන දා කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු එදිනම පොලිස් ඇප මත මුදා හැරුණා.

Read Also This News : ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරි අත්අඩංගුවට

පොලිස් ඇප මත මුදාහැර සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනා අද(19) අධිකරණය  හමුවේ පෙනී සිටියා. 

You might also like
Comments
Loading...