මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

0 3

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම නගර සභාවේම තවත් මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

සැකකාර නාගරික මන්ත්‍රීවරිය මේ වන විට නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කර සිටිනවා.

අදාළ පහරදීම ඉකුත් 15 වන දින සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පහරකෑමට ලක්වූ නාගරික මන්ත්‍රීවරිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.

Read Also This News : ආණ්ඩු පක්ෂ නායක රැස්වීම ඇරඹේ

මේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

You might also like
Comments
Loading...