අනුරාධපුර බැංකු ශාඛා දෙකක් වසයි

0 0

අනුරාධපුර නගරයේ සහ මැදවච්චියේ රාජ්‍ය බංකුවක 11 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් එම බැංකු දෙක තාවකාලිකව වසා දැමූ බව අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසනවා.

අනුරාධාපුර නගරයේ පිහිටි ශාඛාවේ හත් දෙනකු සහ එම බැංකුවේම මැදවච්චියේ පිහිටි බැංකු ශාඛාවේ හතර දෙනකුට පසුගිය දා සිදු කළ PCR පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

සෞඛ්‍ය අංශ වැඩිදුරටත් කියා සිටියේ අදාළ බැංකු ශාඛා දෙකෙහි සේවය කරන අයවළුන් ඇතුළු පවුල්වල 55 දෙනෙක් නිරෝධායනයට යොමු කළ බවයි.

තවත් පුවත් කියවන්න 

You might also like
Comments
Loading...