වනඅලි ප්‍රහාරයකින් ගොවියෙක් මරුට

0 2

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ටශයට අයත් කප්පාච්චි ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් දෙදරු පියෙකු ඊයේ(19) දින මියගොස් සිටියදී සොයාගත් බවට සෙට්ටිකුම් පොලීසිය පවසනවා.

මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතුවල යෙදෙන අයෙකු වන අතර ඔහු ඊයේ සවස කුඹුරට යන අවස්ථාවේදී කුඹුරට පැමිණි වනඅලියෙකුගේ ප්‍රහාරයකට ලක්වී එම ස්ථානයේම මියගොස් ඇති බවට අනාවරනය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා කුඹුරට ගොස් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් විසින් කුඹුරට ගොස් පරික්ෂා කිරීමේදී මළ සිරුර හමුවීමෙන් පසුව ඒ බව සෙට්ටිකුලම් පොලීසියට දැනුම් දී තිබෙනවා.

Read Also This News : ලෝක විවාහක රූ රැජින කැරොලයින් ජූරිට ඇප

වනඅලි ප්‍රහාරයෙන් මෙලෙස මියගොස් ඇතතේ කප්පාච්චි ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි දෙදරු පියෙකු වන අතර මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යොමු කොට ඇති බවයි පොලිසිය පවසන්නේ.

අදාල ප්‍රදේශයේ වනඅලි තර්ජනයකට ලක්ව ඇති හෙයින් විසඳුමක් ඉල්ලා අවස්ථා කිහිපයකදීම බලධාරීන්ට දැනුම් දුන්නද මෙතෙක් විසඳුමක් නොලැබුනු බවටත් මේ වන විට ජීවිතවලින් පවා වන්දි ගොවීමට සිදුව ඇති බවටත් ගම්වාසීන් චෝදනා කර සිටිනවා.

You might also like
Comments
Loading...