කොවිඩ් 19 ආසාදිතව සිටි 173 දෙනෙක් පූර්ණ සුවය ලබයි

0 2

කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගත කර සිටි තවත් රෝගීන් 173 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව මේ වන විට කොවිඩ් 19 ආසාදිතව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව 93,547ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,938ක් වනවා.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 97,105ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : අනුරාධපුර බැංකු ශාඛා දෙකක් වසයි

එසේම මෙරට පුද්ගලයන් 620 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත වීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

කොරෝනා රෝගීන් ලෙස සැකසහිත පුද්ගලයන් 439 දෙනෙක් රෝහල්ගතව කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

 

You might also like
Comments
Loading...