යාපනයේ අනවසර වැලි ජාවාරම්කරුවන්ට නැවතත් වෙඩි තැබීමක්

0 6

යාපනය, කොඩිකාමම්, පලාවි ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ ට්‍රැක්ටර් රථයකට ඊයේ(21) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුව ඇති බව කොඩිකාමම් ආරක්ෂක අංශ පවසනවා.

ආරක්ෂක අංශ පැවසූවේ අනවසර වැලි ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අණ නොතකා ට්‍රැක්ටර් රථයක් ධාවනය කොට ඇති බවයි.

අදාළ අවස්ථාවේදී යුධ හමුදා නිළධාරීන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තබා ට්‍රැක්ටර් රථය නවත්වා ඇති අතර, ජාවාරම්කරුවන් පැනගොස් ඇති බවද ආරක්ෂක අංශ පවසනවා.

සිද්ධියට අදාළ ට්‍රැක්ටර් රථය අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ පවත්වන බවද කොඩිකාමම් ආරක්ෂක අංශ කියා සිටියා.

Read Also This News : ඉස්ලාම් ත්‍රස්තවාදය නැසීමට කුරාණයේ සමහර කොටස් තහනම් කළයුතුයි

මීට දින හතරකට පෙරද යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී ද අනවසර වැලි ජාවාරම්කරුවන් පිරිසක් ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කිරීම හරහා කැබ් රථයකට වෙඩි තැබීමක් සිදු කෙරුණා.

එහිදි පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබු අතර, තුවාලකරුවන් යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කෙරිණ.

You might also like
Comments
Loading...