උතුරු දුම්රියේ ගැටීමෙන් ගවයින් 16 ක් මරුට

වව්නියාව ඕමන්ත සහ තාණ්ඩික්කුලම් ප්‍රදේශයන්හි දුම්රියේ ගැටීමෙන් පුද්ගයෙකු තුවාල ලබා මී ගවයින් සහ එල ගවයින් 16 දෙනෙකු අද (22) උදෑසන මිය ගොස් ඇති බවට පොලීසිය පවසනවා.

යාපනයේ සිට කොළඹ බලා ධාවනයා වූ නගරාන්තර සීග්‍රගාමී දුම්රියට අද(22) උදෑසන ඕමන්ත ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය හරහා මාරු වෙමින් සිටි එල ගවයින් සහ මීගවයින් රංචුවක ගැටී ඇති අතර එහිදී එල ගවයින් සහ මී ගවයින් 16 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් 10 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව ප්‍රදේශවාසීන් පවසන්නේ.

මේ අතර අදාල දුම්රියටම තාණ්ඩික්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් තරුනයෙකු ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසනවා.

Read Also This News : අනුරාධපුර බැංකු ශාඛා දෙකක් වසයි

අදාල යතුරුපැදිකරු තාණ්ඩික්කුලම් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමට උත්සහ ගැනීමේදී දුම්රියේ ගැටී ඇති අතර එම අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුව ක්‍රියාත්මක නොවී ඇති බවට ප්‍රදේශවාසීන් පවසන අතර වව්නියාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *