ඉත්තෑමස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

0 2

කිලිනොච්චිය මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ගිනිඅවියක් සමගින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ ඉත්තෑමස් කිලෝ 05 ක් ලඟ තබා සිටි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (21) සවස අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසනවා.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් මරඳන්කේනි ප්‍රදේශයේ කැලෑවක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී කැලෑවේ දඩයමේ ගොස් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් සතුව තිබී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, යකඩ බෝල කිහිපයක්, වෙඩි බෙහෙත් සමගින් මරණලද ඉත්තෑවෙකුගේ මස් කිලෝ පහක්ද තිබී සොයා  ගැනුණු බවයි ආරක්ෂක අංශ පවසන්නේ.

Read also this news : ඉස්ලාම් ත්‍රස්තවාදය නැසීමට කුරාණයේ සමහර කොටස් තහනම් කළයුතුයි

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ඔවන් මරඳන්කේනි පොලීසියට භාරදීමට ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...