විශ්වවිද්‍යාල විවෘත කිරීම සති දෙකකින් කල් යයි

0 0

රට පුරා සියලූ විශ්වවිද්‍යාල විවෘත කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

කොරෝනා අවදානම හේතුවෙන් මෙම පියවර ගත් බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

සියලු විශ්වවිද්‍යාල ලබන 27 වැනිදා විවෘත විවෘත කිරීමට නියමිතව තිබුණා.

ඒවා නැවත විවෘත කරන්නේ මේ අනුව තවත් සති දෙකකින් පමණ පසුව බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

විශ්ව විද්‍යාල විවෘත කිරීම රටේ සෞඛ්‍ය තත්ත්වය මත තව සති දෙකක් කල් දැමීම නුවණට හුරු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී තිබෙන බවත් ඒ දැනුම් දීම අනුව කටයුතු කිරීමට අමාත්‍යංශයට සිදුවන බවත් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියා.

Read Also This News : යාපනයේ අනවසර වැලි ජාවාරම්කරුවන්ට නැවතත් වෙඩි තැබීමක්

මේ තීරණය සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්ට දැනටමත් දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා කියා සිටියා.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි .

You might also like
Comments
Loading...