ඉහළ අස්වැන්නකට වඩා ජීවිත මට වටිනවා – ජනපති කියයි

0 1

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළ සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා.

කොටුව ජනාධිපති මන්දිරයේදී රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමග පැවැති හමුවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙලෙස කියා සිටියා.

රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකිය.

වැව්, ඇළවේලි සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකිය.

රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජීවිතවලට වන බලපෑම ඉහළයි.

නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට නම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතුයි. ඒ වෙනුවෙන් මෙරට කෘෂි කර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරනවා.

Read Also This News : ඉත්තෑ මස් කිලෝ 5ක් ගිනි අවියක් සමග 3ක් අත්අඩංගුවට

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...