තවත් ආසාදිතයන් 672ක් – මරණ සංඛ්‍යාව 634 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයන් 672 දෙදෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය පවසනවා.

ඉන් 657 දෙනෙකු දිවුලපිටිය, පෑලියගෙඩ සහ බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු 15 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් වනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 98,722ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : කුලියාපිටිය හුදකලා කෙරේ – Video

ඉන් මේ වන විට ආසාදිතයන් 93,884 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 4,204 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාවද තවත් 5කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 634ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *