තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කරයි

0 5

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරි වසම (441) සහ වැල්ලව පොලිස් බලප්‍රදේශයට අයත් නිකදළුපොත ග්‍රාම නිලධාරි වසම(1185) අද(23) උදෑසන 7 සිට හුදකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

මේ අතර ඊයේ(22) මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය හුදකලා කෙරුණා.

Read Also This News : කුලියාපිටිය හුදකලා කෙරේ – Video

එසේම පසුගිය 21 වනදා සිට කුරුණෑගල ගනේවත්ත තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කෙරුණා.

අදාළ හුදකලා කිරීම නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

You might also like
Comments
Loading...