හිටපු ඇමති රිෂාඩ් සහ ඔහුගේ සොයුරා අත්අඩංගුවට

0 0

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද(24) අලුයම ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි.

මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මරාගෙන මැරෙන ඝාතකයන්ට ආධාර අනුබල ලබාදීම සහ සබඳතා පැවැත්වීමේ චෝදනාව මත ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණු බවයි.

රිෂාඩ් බදියුදීන් මහතා කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීත් රියාඩ් බදියුදීන් මහතා වැල්ලවත්ත ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Also This News : කොවිඩ් නිසා කොස්වත්ත පොලිස් ස්ථානය තාවකාලිකව වැසේ

මොවුන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කර ගනිමින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.

රියාජ් බදියුදීන් මීට පෙර ද අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබාගෙන සිට පසුව නිදහස් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ අත්අඩංගුවට ගත් බවත් මේ වන විට ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය පොලිස්පතිවරයා.

You might also like
Comments
Loading...