බක්පුර පසළොස්වක පොහොය අදයි

0 1

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(26) යෙදී තිබෙනවා.

ලංකාද්වීප දෙවනවරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවනවරට ලංකාවට වැඩම කළේ අද වැනි පොහෝ දිනකදී බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

චූලෝදර මහෝදර නාගගෝත්‍රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදුකිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ බවද ශාසන ඉතිහාසයේ තවදුරටත් දැක්වෙනවා.

Read Also This News : ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂයට ළඟාවෙයි

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අදට යෙදී ඇති බක් පුර පසලොස්වක පොහොය දිනයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ආගමික වත්පිළිවෙත් හි නිරත වන ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම මත මෙම තීරණය ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...