බස්නාහිර සහ වයඹ සියලුම පාසල් වැසේ

0 2

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පලාත්වල සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව එම තීරණය ගැනීමට තීරණය කර ගත් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් සෙසු පළාත්වල පාසල් පෙර පරිදි හෙට(27) දිනයේ සිට ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

Read Also This News : උසස් පෙළ ප්‍රතිඵල ලබන සතියේ

මේ අතර අගරදගුරු නිල නිවාසය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජය ගත් තීරණයට අනුගත වෙමින් බස්නාහිර සහ වයඹ පළාත්වල සියලුම කතෝලික පාල්ද අප්‍රේල් 30 වනදා දක්වා වසා දැමීමට තීරණය කළ බවයි.

 

You might also like
Comments
Loading...