හිඟුරක්ගොඩ සහ උකුවෙල ප්‍රදේශ 2ක් හුදකලාකරයි

0 0

වහාම ක්‍රියාත්මක වන පරිදි හිඟුරක්ගොඩ සිරිකෙත ග්‍රාම නිලධාරී කොට්ඨාසය සහ උකුවෙල පල්ලෙකුඹුර ග්‍රාම නිලධාරී කොට්ඨාසය හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයන්හි පවතින කොවිඩ් අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර ඊයේ(26) රාත්‍රී 8 සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරුණා.

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බලප්‍රදේශයට අයත් ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් ද ඊයේ(26) රාත්‍රී 8 සිට හුදකලා කෙරුණා.

ඊයේ (26) රාත්‍රී 8 සිට මේ වන විට හුදකලා කර ඇති සෙසු ප්‍රදේශ වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බලප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බලප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසමයි.

Read Also This News : බස්නාහිර සහ වයඹ සියලුම පාසල් වැසේ

එසේම කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බලප්‍රදේශයට අයත් මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්ද හුදකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පුම්පුහාර් ග්‍රාම සේවා වසමද ඊයේ (26) රාත්‍රී 8 සිට හුදකලා කර ඇති බවයි.

මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද සති දෙකක කාලයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...