මැදවච්චිය ජනතාවට පහයසුකම් සැලසීමට සූදානම්

0 1

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මැදවච්චිය ජනතාවහට කුමන ගැටලුවකට මුහුණදීමට සිදුවුවත් ඔවුනට අවම ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන පහසුකම් කඩිනමින් ලබාදීමට මැදවච්චිය ප්‍රාදේශීය ලේ‍කම් කාර්යාලය, අනිකුත් රාජ්‍ය ආයතන සමඟ පැය 24ම සූදානම්න් සිටින බව මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය පවසනවා.

ප්‍රාදේශීය ලේකම්වරිය ඊයේ (27) මේ බව කියා සිටියේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් නිරෝධායනය කර ඇති පවුල්වල අවම ජීවන තත්ත්වය පවත්වා ගෙනයාම සඳහා අවශ්‍ය පිළියම් සහ ඉදිරි සැලස්ම පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමිනි. 

Read Also This News : ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ බද්ද ඉහළට

එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් එම්. සී. මලවිආරච්චි මහත්මිය මෙලෙස කියා සිටියා.

මැදවච්චිය නගරයේ පසුගිය දිනවල දිගින් දිගටම කොරොන් ආසාදිතයන් හමු වුණා.

ඒ අනුව මේ වන විට ඔවුන්ගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 170 ට ආසන්න පවුල් ප්‍රමාණයක් මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ස්වයං නිරෝධායනය කර තිබෙනවා.

මේ අයට අත්‍යවශ්‍ය පහසුකම්, ඔවුනට අවම ජීවන තත්ත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි වත්මන් රජය අපව මේ වන විට දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව රජය විසින් අපගේ ආපදා අංශය වෙත නිරෝධායනය කරන එක් පවුලකට රුපියල් දස දහසක (10,000) බැගින් බඩු මල්ලක් ලබාදීමට අවශ්‍ය මුදල් මේ වන විටත් ලබා දී තිබෙනවා.

අපට මුදල් ලැබුණු වහාම අපි මැදවච්චිය විවිධ සේවා සමූපකාරය හරහා මේ ප්‍රදේශයේ නිරෝධායනයේ යෙදී සිටින ජනතාවට බෙදාදීම සඳහා දස දහසේ බඩු මලු සූදානම් කළා.

ඒ අනුව කඩිනම්න් අපගේ කාර්යය මණ්ඩලය රජයේ නිවාඩු දින නොබලා මාගේ මාර්ගෝපදේශය අනුව දිවා රෑ නොබලා එම භාණ්ඩ බෙදාදීමට සෞඛ්‍ය අංශයත් එක්ව කටයුතු කළා.

ඒ වගේම මේ ප්‍රදේශයේ ජනතාවට බහුලව පවතින පිරිපහදු පානීය ජල ගැටලුව විසදීමට මැදවච්චිය ප්‍රාදේශිය සභාවේ සභාපති හේරත් සේනාරත්න මහතා අතුලු කාර්යය මණ්ඩලය කටයුතු කළා.

මේ වන විට මැදවච්චියේ නිරෝධායනය කර ඇති පවුල් වල වකුගඩු රෝගීන්, තවත් විවිධ සායන සඳහා සහභාගි වන රෝගින් වැඩිහිටි බාල මහලු සියලු දෙනා සිටිනවා.

මේ අයගේ දුරකථන ඇමතුන් අනුව ඒ අවශ්‍යතාද සොයා බලමින් ඉටු කරමින් කුමන බාධාවකට මුහුණුදීමට සිදුවුවත් මේ අයගේ අවම ජීවන මට්ටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අපි සියලුම රාජ්‍ය ආයතන සමග එක්ව දිවා රෑ නොබලා කටයුතු කිරීමට සූදානමින් සිටිනවා.

ඉදිරියෙදීද නිරෝධායනය කරන පවුල් සඳහා මේ අයුරින්ම අත්‍ය අවශ්‍ය භාණ්ඩ කඩිනමින් ලබා දෙනවා.

 

You might also like
Comments
Loading...