වතුකරයේ පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක්

0 3

[රංජිත් රාජපක්ෂ –  හැටන්] දීර්ඝ සති අන්ත නිවාඩුවෙන් පසුව අද දින (27) දින පාසල් ආරම්භ කලද වතුකරයේ සහ ප්‍රධාන නගරාසන්න පාසල්වලට ළමුන්ගේ පැමිණිමේ අඩුවක් දක්නට ඇති බව විදුහල්පතිවරුන් පවසනවා.

පාසලට පැමිණි ළමුන් සෞඛ්‍ය උපදෙස්වලට අනුකුලව පාසලට ඇතුලත් කරගත් බවත්, පාසලේ සමස්ත සිසුන් පිරිසගෙන් 50% ක ධාරිතාවෙන් ළමුන් පාසලට ඇතුලත් කරගත් බවයි විදුහල්පතිවරුන් කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වූ ගුරුවරියක් හමු වු හැටන් බොස්කෝ විදුහලේ 9-B වසර තවදුරටත් වසා දමා ඇති බවත්, එම පාසලේ සිසුන් 31 දෙනෙකු සහ ගුරුවරුන් 03 ස්වයං නිරෝධානයට යොමු කර තිබෙනවා.

Read Also This News : ගෙවී ගිය සිව්මස තුළදී ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්

හැටන් ශ්‍රි පාද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් එම පාසලේ 2 සහ 4 පන්ති තවදුරටත් වසා දමා එහි සිසු සිසුවියන් කිහිප දෙනෙකු සහ ගුරුවරුන් ස්වයං නිරෝධානයට යොමු කර ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

You might also like
Comments
Loading...