යුරෝපා තානාපතිවරුන් සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

0 6

යුරෝපා සංගමයට අයත් රටවල් නියෝජනය කරමින් මෙරට සිටින තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද(27) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

යුරෝපා සංගමය සහ ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය හා රුමේනියාව යන රටවල තානාපතිවරුන් ඊට එක්ව සිටි බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය කියා සිටියේ. 

වර්තමානයේ පවතින කොරෝනා තත්ත්වයත්, ඊට සමගාමීව ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වයත් පිළිබඳ මෙහිදී විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

එමෙන්ම මෙම ව්‍යසනය කළමනාකරණයේ දී ඇතිවී තිබෙන දුර්වලතා පිළිබඳවද අවධානය යොමු වූ බවයි විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කර සිටියේ.

Read Also This News : නැගෙනහිර පළාතේ සහ අනුරාධපුර පාසල් කිහිපයක් වැසේ

විපක්ෂයට එරෙහිව ක්‍රියාත්මක මර්ධනකාරී වැඩපිළිවෙළ සහ සමගි ජනබලවේගය ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

විකල්ප ආණ්ඩුව ලෙස මානව, සිවිල්, ආර්ථික, සමාජයීය, දේශපාලන, ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් ශක්තිමත් කිරීමට සමගි ජන බලවේගය පියවර ගන්නා බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තානාපතිවරුන් හමුවේ අවධාරණය කර ඇත්තේ.

You might also like
Comments
Loading...