IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ CSK ගනී

0 7

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණඩායම සමත්ව සිටිනවා.
ඒ ප්‍රසාද ලකුණු අටක් ලබා ගනිමින්.

තරග පහක් ක්‍රීඩා කර ඇති චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඉන් තරග හතරක් ජයග්‍රහණය කර ඇති අතර අනෙක් තරගය පරාජයට පත්ව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

ඒ තරග පහකට සහභාගි වී ඉන් තරග හතරක් ජය ගෙන ඉතිරි තරගය පරාජයට පත්වී ප්‍රසාද ලකුණු 8ක් ලබාගනිමින්.

Read Also This News : යුරෝපා තානාපතිවරුන් සහ විපක්ෂ නායක අතර විශේෂ හමුවක්

කෙසේ වෙතත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට වඩා සාමාන්‍ය ලකුණු වේගය අතින් පහළින් පසුවනවා.

මේ අතර රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමද ප්‍රසාද ලකුණු 8ක් ලබාගනිමින් තුන්වන ස්ථානයේ පසුවනවා.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සිව්වන ස්ථානයේත් කොල්කටා නයිට් රයිඩර්ස් පස්වන ස්ථානයේත් පන්ජාබ් කිංග්ස් හය වන ස්ථානයේත් රාජස්ථාන් රෝයල් හත්වන ස්ථානයේත් පසුවන අතර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානයේ හෙවත් අන්තිම ස්ථානයේයි.

 

You might also like
Comments
Loading...