දිනක් තුළ මෙරටින් ආසාදිතයන් දහසකට අධික සංඛ්‍යාවක්

0 3

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද(27) දිනයේදී 1,000 ඉක්මවා වාර්තා වීමත් සමගින් එම සංඛ්‍යාව මෙතෙක් එක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ සමස්ත සංඛ්‍යාව ලෙසින් වාර්තා වනවා.

ඒ අනුව අද(27) රාත්‍රී 9.55ට වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කරන ලද සංඛ්‍යා දත්ත අනුව මෙරටින් කොරෝනා වෛරස ආසාදිතයන් 1,096 දෙනෙක් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 1‍03,487ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද(27) පෙරවරු 10 පමණ නිකුත් කරන ලද වාර්තාවට අනුව ඒ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 102,376ක් ලෙසින් දැක්වෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද(27) පෙරවරු 10ට පමණ නිකුත් කරන ලද වාර්තාව.

Read Also This News : දිවයින පුරා පාසල් සහ උපකාරක පන්ති 30 වැනිදා දක්වා වැසේ

එහෙත් අද(27) දින රාත්‍රී 9.55ට පමණ එම ඒකකයේ වෙබ් අඩවියේ දැක්වෙන තොරතුරු අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 103,487ක් ලෙසින් දැක්වෙනවා.

ඒ අනුව නව ආසාදිතයන් 1,111 දෙනෙක් අද(27) දිනයේ රාත්‍රී 10 පමණ වන විට වාර්තා වී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද(27) රාත්‍රී 9.55ට පමණ නිකුත් කරන ලද දත්ත.

කෙසේ නමුත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙන්නේ අද(27) දිනයේදී දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරුවලින් අද(27) දිනයේදී වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,096ක් බවයි.

ඒ අනුව මේ වනවිට රෝල්ගතව සිටින සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7,984ක් වනවා.

මෙරට සමස්ත ආසාදිතයන්ගෙන් මේ වනවිට රෝගීන් 94,856 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 647ක් වනවා.

එසේම තවත් පුද්ගලයන් 721 දෙනෙක් කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් ලෙසින් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද(27) පෙරවරු 10 නිකුත් කරන ලද සම්පූර්ණ වාර්තාව පහත පරිදි වේ.

Loader Loading...
EAD Logo Taking too long?
Reload Reload document
| Open Open in new tab
You might also like
Comments
Loading...