දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ පර්යන්තය තාවකාලිකව වැසේ

0 3

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීම අද(28) උදෑසන 6 සිට යළි දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දමා තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාර්යේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි මහාමාර්ග අමාත්‍යංශය පවසන්නේ.

කෙසේ වෙතත් බස් සහ ගිලන් (ඇම්බියුලන්ස්) රථවලට කොට්ටාව පිටවීමේ පර්යන්තයෙන් පිටවීමට අවස්ථාව හිමි වනවා.

මේ අතර මහා මාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කහතුඩුව පිටවීමේ පර්යන්තයන් භාවිත කරන ලෙසයි. 

Read Also This News : බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

එසේම කොට්ටාව අධිවේගී පිවිසුමෙන් රථවාහන අධිවේගී මාර්ගයට ඇතුළු කළ හැකි වුවද ටිකටත් පත් නිකුත් කිරීමක් සිදු නොකරන බවද මහාමාර්ග අමාත්‍යංශය පවසනවා. 

You might also like
Comments
Loading...