ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළට

0 0

කොවිඩ් 19 ආසාදිත මරණ අටක් ඊයේ(27) දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 655ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙලෙස මියගිය පිරිස අතර පිරිමි පුද්ගලයන් හත් දෙනෙක් සහ කාන්තාවක් වනවා.

කාන්තාව වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර පිරිමි පුද්ගලයන් ජයවර්ධනපුර, අඹගහපැලැස්ස, පන්නිපිටිය, නුගේගොඩ, මතුගම, හෙට්ටිපොල සහ පොල්ගොල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

Read Also This News : දිනක් තුළ මෙරටින් ආසාදිතයන් දහසකට අධික සංඛ්‍යාවක්

එලෙස මරණයට පත්වූ අට දෙනාගේ සම්පූර්ණ විස්තරය පහත පරිදි වේ.

You might also like
Comments
Loading...