යාපනයේ ස්ථාන දෙකක පහරදීම්වලින් 3කට තුවාල – 9ක් අත්අඩංගුවට

0 2

යාපනය අච්චුවේලි හා කොඩිකාමම් ප්‍රදේශයන්හි දින දෙකක කාලයක් තුළ සිදුවු පහරදීම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය අච්චුවේලි හා කොඩිකාමම් පොලිසිය පවසනවා.

අච්චුවේලි පොලිසිය පැවසූවේ 26 වැනිදා රාත්‍රියේ දෙපිරිසක් අතර වු ගැටුමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

සිදුවීම සම්බන්ධයෙන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි පොලිසිය කියා සිටියේ.

අදාළ සිදුවීමට අමතරව යාපනය කොඩිකාමම් ප්‍රදේශයේදී ඊයේ(27) සිදුවු පහරදීමකින් පුද්ගලයෙකු තුවාල ලබා යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කර ඇති බවද කොඩිකාමම් පොලිසිය පවසනවා.

Read Also This News : දිනක් තුළ මෙරටින් ආසාදිතයන් දහසකට අධික සංඛ්‍යාවක්

පොලිසිය පැවසූවේ සිදුවීමෙන් 25 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පහරදීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අච්චුවේලි පොලිසිය හා කොඩිකාමම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...