කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් අද හඳුනා ගැනේ

0 0

දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද(28) දිනයේදී හඳුනා ගැනුණු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව අද(28) දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් තහවුරු වී තිබෙනවා.

ඉන් ආසාදිතයන් 1451 දෙනෙක් වාර්තා වන්නේ දිවුලපිටිය, පෑලියගොඩ හා බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව අද(28) රාත්‍රී 8.45 පමණ වන විට 104,953ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : දක්ෂිණ අධිවේගයේ කොට්ටාව පිටවීමේ පර්යන්තය තාවකාලිකව වැසේ

ඉන් මේ වන විට ආසාදිතයන් 95,083 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයන් 9,209 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එසේම මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 661ක්.

වසංගත රෝග විද්‍යා ඒකකය අද(28) පෙරවරු 10 පමණ නිකුත් කරන ලද වාර්තාවේ දැක්වෙන්නේ උදෑසන 109 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් 1041 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් අද හඳුනා ගැනේ
සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒ්කකය විසින් අද(28) පෙරවරු 10ට පමණ නිකුත් කරන ලද නිවේදනයෙන් උපුටාගත් තොරතුරු.

 

You might also like
Comments
Loading...