කොවිඩ් 19 ආසාදිත මරණ හයක් – සමස්තය 661ක්

0 4

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් අද(28) දිනයේදී වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේදී වාර්තා වන මරණ හය අතුරින් දෙදෙනෙක් කාන්තාවන් වන අතර සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

පල්ලේගම, වීරපොකුණ, හාලඇළ, මාවනැල්ල, නිට්ටඹුව සහ වත්තල යන ප්‍රදේශවලින් අද දිනයේදී කොවිඩ් 19 මරණ වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read Also This News : කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් අද හඳුනා ගැනේ

අද දිනයේදී වාර්තා වන මරණ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් අද(28) දිනයේදී වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති

 

You might also like
Comments
Loading...