නාඋල පැතිරෙන කොවිඩ් වෛරසය ගැන වැඩි අවදානයක්

0 0

මාතලේ – නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පැතිර පවත්නා කෝවිඩ් වෛරසයේ විකෘත්ති තත්ත්වයක් හේතුවෙන් පී සී ආර් පරික්ෂණ සිදුකිරිම වේගවත් කිරිමට පියවර ගන්නා බව නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා පවසනවා.

පසුගිය 27 වනදා පස්වරුවේ දඹුල්ලේ දි රැස්වු දිස්ත්‍රික් කොරෝනා මාර්ධන කමිටු රැස්වීමෙන් පසු නාඋල දී මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බැව් කියා සිටියා.

පසුගිය දා නාඋල දී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වාර්තා විස්සක ප්‍රතිඑල ඝෘණ වීම හේතුවෙන් මෙම තිරණය සෞඛ්‍ය අංශ විසින් ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Read Also This News : කොවිඩ් 19 ආසාදිතයන් 1466 දෙනෙක් අද හඳුනා ගැනේ

නාඋල ප්‍රදේශයේ දි හදුනාගනු ලැබු ගද සුවද නොදැනෙන පුද්ගලයින් 20 කගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ ඝෘණ තත්ත්වයට පත්වීම( negative) හේතුවෙන් දිස්ත්‍රික් කෝවිඩ් මර්ධන ඒකකය මෙම තිරණය ගෙන ඇති බවද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියා සිටියා.

වෛරසයේ නව විකෘත්ති තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව පී සී ආර් පරික්ෂණ සිදුකිරිම සහ ඒවායේ ප්‍රතිඑල කඩිනමින් ලබාගැනීම අවශ්‍යය පියවර ගන්නා බව ද සභාපති සනත් දසනායක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටියා.

You might also like
Comments
Loading...