පවුල් 133කට රුපියල් ලක්ෂ දහ තුනකට අධික වටිනා බඩු මලු

0 3

හුදකලා කරන ලද නාඋල – අළුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පුද්ගලයින් 133 දෙනෙකුට රුපියල් දස දහසක් වටිනා බඩු මළු ලබාදීමේ කටයුතු අද (29) දින අවසන් කරන බව නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසනවා.

රුපියල් 1,330,000 මුල්‍ය වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුළත් මෙම බඩු මළු අළුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ පදිංචි පවුල් සදහා ලබාදීමට නියමිත බව මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා කියා සිටියා.

කෝවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් නාඋල – අළුගොල්ල ග්‍රාම නිලධාරි වසම ඊයේ(28) සිට හුදකලා කරනු ලැබුවා.

ඊයේ (28) පස්වරුව වන විට කෝවිඩ් ආසාධිත අළුගොල්ලේ පවුල් සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : කොවිඩ් 19 ආසාදිත මරණ හයක් – සමස්තය 661ක්

නාඋල ප්‍රදේශයේ ව්‍යාප්ත වන කෝවිඩ් වෛරස් තත්ත්වය මැඩ පැවැත්වීම සදහා නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය, නාඋල ප්‍රාදේශිය සභාව, නාඋල සමෘද්ධි මහ සංගමය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් විශේෂ වැඩ පිළිවෙල රැසක් ක්‍රියාවට නන්වමින් සිටිනවා.

 

You might also like
Comments
Loading...