කේරළ ගංජා කිලෝග්‍රෑම් 240 ක් උතුරු මුහුදෙන් සොයාගැනේ

0 2

යාපනය, මාදගල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ සාගර සීමාවේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 240 ක් ඊයේ(28) සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.

ඉන්දියාවේ සිට මෙරටට ගෙනා කේරළ ගංජා තොගයක් ජාවාරම්කරුවන් විසින් මුහුදේ දමා පළාගොස් තිබියදී එලෙස හමුවන්නට ඇති බවටයි නාවික හමුදාව සැක පළ කරන්නේ.  

සොයාගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමින් යුතු වන බව යාපනය ආරක්ෂක අංශ කියා සිටියා.

ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියේ සොයාගත් කේරළ ගංජා තොගය පවතින කොවිඩ් අවධානම් තත්වය හමුවේ අධිකරණ නියෝග යටතේ ගිනි තබා විනාශ කොට ඇති බවයි.

Read Also This News : නාඋල පැතිරෙන කොවිඩ් වෛරසය ගැන වැඩි අවදානයක්

අප්‍රේල් මාසයේ මේ දක්වා කාලය තුළදි උතුරු පළාතෙන් කේරළ ගංජා කිලෝග්‍රෑම් 515 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා නාවික හමුදාව කටයුතු කර තිබෙනවා.

අප්‍රේල් මාසයේදී පමණක් උතුරු පළාතෙන් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය රුපියල් කෝටි හතකට වැඩි වටිනාකමින් යුතු වන බවද ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටියා.

 

 

 

You might also like
Comments
Loading...