අහඹු ලෙස කළ PCR 45 කින් 26කට කොවිඩ්

0 5

අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය මගින් ඉකුත් (24) දින ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොල අසලදි සිදු කරන ලද අහඹු පි.සි.ආර් පරික්ෂණ 45 කින් 26 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (29) දින ලද පි.සි.ආර් වාර්තාව අනුව තහවුරු වි ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

අඹගමුව, මස්කෙලිය, කොටගල, ලිදුල, බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශවලින් මෙම අසාදිතයන් 26 දෙනා හමු වි ඇති බවත්, එම අසාදිතයන් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයේ තම නිවාස වලට පැමිණි පිරිසක් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

Read Also This News : තවත් ග්‍රාම නිලධාරී වසම් හයක් හුදකලා කෙරේ

අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට අදාල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කරනු ඇති බවද අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

You might also like
Comments
Loading...