නීති විරෝධිව මසුන් ඇල්ලු ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට

0 2

නීති විරෝධීව මසුන් ඇල්ලු ධීවරයන් 12 දෙනෙකු හා බෝට්ටු 9ක් ඊයේ(28) අත්අඩංගුවට ගත් බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පවසනවා.

මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය පැවසූවේ නයාරු, පුල්මුඩෙයි හා කෝකිලායි ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ පරීක්ෂා කිරීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

පුල්මුඩෙයි ප්‍රදේශයෙන් ධීවර බෝට්ටුවක්, නයාරු ප්‍රදේශයෙන් ධීවර බෝට්ටු තුනක්, කෝකිලායි ප්‍රදේශයෙන් ධීවර බෝට්ටු පහක් සමඟින් සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගත් බවද ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.

Read Also This News : කේරළ ගංජා කිලෝග්‍රෑම් 240 ක් උතුරු මුහුදෙන් සොයාගැනේ

අත්අඩංගුවට ගත් ධීවරයින් හා ධීවර බෝට්ටු මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...