රුපියල් ලක්ෂ තුනහමාරක හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

0 3

බුත්තල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයන් දෙදෙනකු මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බුත්තල උඩුගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් අටයි මිලිග්‍රෑම් තුන්සිය හතලිහක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එම සැකකරු බුත්තල උඩුගම ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි පුද්ගලයකු වන අතර සැකකරු කලක පටන් මෙම හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බුත්තල උනාවටුන ප්‍රදේශයේ දී තවත් සැකකරුවකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් එකසිය අසූවක් පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read Also This News : අහඹු ලෙස කළ PCR 45 කින් 26කට කොවිඩ්

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු විසි තුනක පුද්ගලයකු වන අතර මෙම සැකකරු ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයෙක් බවට විමර්ශනවලදී අනාවරණය වී ත්ාබානවි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හමු වූ හෙරොයින්වල වටිනාකමක රුපියල් ලක්ෂ තුන හමාරකට අධික බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බුත්තල පොලිසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...