සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාරයන් කළ තරුණයෙක් අත්අඩංගුවට

0 0

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ 19 හැවිරිදි තරුණයෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගම්පොළ කහටපිටිය ප්‍රදේශයේදියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාල තරුණයා භාවිත කළ ජංගම දුරකථනයද ඉදිරි විමර්ශන සඳහා පොලිස් භාරයට ගෙන ඇති බවයි.

බුද්ධි අංශවලින් ලද තොරතුරක් මත සිදුකළ වැඩිදුර විමර්ශනවල දී 19 හැවිරිදි එම තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read Also This News : මේවන විට හුදකලා කර ඇති ප්‍රදේශ

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

You might also like
Comments
Loading...