අද සිට ක්‍රියාත්මක කොවිඩ් මර්දන නව මාර්ගෝපදේශ

0 2

කොවිඩ් 19 ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා සෝදිසි අවධි – 3 (Alert Level-3) මාර්ගෝපදේශයන් අද(01) දින සිට බලාත්මක බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ මාර්ගෝපදේශයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම්, සන්නාම ප්‍රවර්ධන එළැඹෙන 21 වන දින දක්වා තහනම් කර තිබෙනවා.

කෙසේ වෙතත් එදිනෙන් පසු පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපව නැවත සමාලෝචනය කරන බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

එසේම සුපිරි වෙළෙඳ සැල්, මහා පරිමාණ අලෙවිහල්, මූල්‍ය ආයතන, රෙදිපිළි වෙළඳ සැල්, සිල්ලර වෙළෙඳ සැල්, ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%ක සීමාවකට යටත්ව බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

Read Also This News : කොවිඩ් මර්ධනයට ආධාර පතා SLC වෙතින් 20 යි 20 තරගයක්

සංවෘත ස්ථානවල සහ විවෘත ස්ථානවල පවත්නා සාද අංග සහ මහජන එක්රැස්වීම් සඳහා අවසර හිමිනොවන අතර ආගමික ස්ථානවල ජනතාව එක්රැස්වීම නොකළ යුතු වනවා.

සිනමා ශාලා සහ රංග ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක, පබ්, බාර්, කැසිනෝ සහ රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන සහ සම්භාහන ස්ථාන වසා තැබිය යුතු වනවා.

හෝටල්, තානායම් හා ආගන්තුක නිවාස ආදියෙහි රඳවා තබා ගත හැකි සංඛ්‍යාව මුළු ධාරිතාවෙන් 50%ක් වන අතර රාත්‍රී 10න් පසුව ක්‍රියාත්මක කළ නොහැකි වනවා.

කානිවල්, සංගීත සංදර්ශන, වෙරළතීර සාද සහ උත්සව සඳහා අවසර හිමිවන්නේ නැහැ.

විවෘත වෙළෙඳ සැල්, පොළ සහ බේකරි වෙළෙඳ සැල් ක්‍රියාත්මක විය යුත්තේ මුළු පාරිභෝගික ධාරිතාවෙන් 25%කට යටත්වයි.

උසාවි මුළු ධාරිතාවෙන් 25% දක්වා ජනතාවට පැමිණීමට අවසර ඇති අතර බන්ධනාගාර රැඳවූවන් බැලීමට අවසර හිමිවන්නේ නැහැ.

පාසල්, පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, නැවත දැනුම්දෙනතුරු වසා තැබෙනවා.

කෙසේ වෙතත් මාර්ගගත අධ්‍යාපනය තවදුරටත් සිදු කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර මැයි මස 04 වන දින සිට මැයි 20 වන දින දක්වා මංගල උත්සව සඳහා අවසර නොලැබෙන අතර මැයි 20 දිනට පසුවන පවතින කොවිඩ් තත්ත්වයට අනුරූපය නැවත සමාලෝචනයකට ලක් කෙරෙන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...